Saturday, November 16, 2024

හේමසිරි ප්‍රනාන්දු පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස්!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලද හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඔහුට එරෙහි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.

ඒ අනුව පාස්කු ප්‍රහාර නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (18) මෙම නියෝග කළේය. .

අධිචෝදනා 855 යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.

එම නඩු පසුගිය ජනවාරි 19 සහ 20 යන දිනවල නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී දැනුම් දුන්නේ ඒ පිළිබඳව නියෝග අද ලබාදෙන බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර නිදහස් කරන්නේ ද නැද්ද යන නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩු ගොනුකර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles