සිල් රෙදි නඩුව අගෝස්තු 03 දක්වා කල් තබයි..

0
555

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුව අද විභාගයට ගැනිණ.

කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අතර සිල් රෙදි සැපයීමේ කාර්යයේ නිරතව සිටි සැපයුම්කරුවෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ද සිදුවිය.

ඊට අදාළ වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීමේ කටයුතු අගෝස්තු මස තුන්වන දිනට කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here