ලියාපදිංචි කර නොමැති,ජංගම දුරකථන සහ උපාංග අලෙවි කරන ස්ථාන වැටලීමට පියවර ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
මේ මස අවසන් සතියේ සිට දිවයින පුරා අදාළ වැටලීම් සිදුකිරිමට නියමිත බව සඳහන්ය.
ජංගම දුරකථන සහ උපාංග අළෙවි කරන ස්ථාන ලියාපදිංචි කිරීම සඳහා මාස තුනක කාලයක් ලබාදෙනු ලැබිණි.
ඒ අනුව බොහෝ ජංගම දුරකථන සහ උපාංග අලෙවි කරන ස්ථාන මේ වන විට ලියාපදංචි කර ඇති බව වාර්තා වේ.
මෙතෙක් ලියාපදිංචි කර නොමැති ආයතන ඉදිරි දින කිහිපය තුළ ලියාපදිංචි කල යුතු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන සහ උපාංග අළෙවි කරන ස්ථාන වලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.