ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමතූ බව ප්‍රකාශ කර තිබෙනවා
යුක්රේන නායකයා රුසියානු ජනපති පුටින් හා සම්බන්ධ වන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි ඔහු සඳහන් කරන්නේ
මැක්රොන් පවසන්නේ තමන් පුටින්ට දුරකථන ඇමතුමක් දී හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටි බවත් එම ඇමතුම විවෘතව සහ සෘජුව ගත් එකක් බවත්ය.
යුරෝපා සංගමය රුසියාවට එරෙහිව නව සම්බාධක ප්‍රකාශයට පත් කර ඇති බව යුරෝපීය කොමිසමේ සභාපති Von der Leyen සඳහන් කරනවා
රුසියානු සම්බාධක සඳහා මූල්‍ය අංශය, බලශක්තිය, ප්‍රවාහනය සහ වීසා ඇතුළු ක්ෂේත්‍ර ඉලක්ක කරනු ඇති බව බ්‍රසල්ස් හි අවසන් වූ රැස්වීමකින් පසුව ඇය පවසනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පවසන්නේ යුක්රේනයට යුරෝ මිලියන 300 (ඩොලර් මිලියන 336; පවුම් මිලියන 251) ආධාර මෙන්ම යුධ උපකරණ ද පිරිනමන බවයි.