ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත දුරකථන ඇමතුමක් ලබා දී රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබඳව විමසීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් අගමැති මෝදි අමතා අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස කළ ඉල්ලීමකින් අනතුරුවයි.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයේ ගැටුම් වහා නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.
රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ සංවාදයේ මාවතට නැවත පැමිණීමට සෑම පාර්ශ්වයකින්ම සාමූහික උත්සාහයක් ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටි බව ඔහුගේ කාර්යාලයේ නිවේදනයක දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
“රුසියාව සහ නේටෝ කණ්ඩායම අතර ඇති මතභේද විසඳිය හැක්කේ අවංක හා අවංක සංවාදයකින් පමණක් බව ඔහුගේ දිගුකාලීන විශ්වාසය” ඔහු නැවත වරක් අවධාරණය කර තිබෙනවා.
යුක්රේනය සම්බන්ධයෙන් මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ජනාධිපති පුටින් විසින් අගමැති මෝදි දැනුවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
සියලු පාර්ශවයන් සාකච්ඡා මාර්ගයට පිවිසීම වැදගත්. රුසියාව සහ නේටෝ සංවිධානය සිය ගැටලු රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව අගමැති මෝදි පවසා තිබෙනවා.
කෙසේ නමුත් රුසියාවේ යුක්රේන ආක්‍රමණය දැන් දෙවන දිනටත් එළඹ ඇති අතර, මිලියන තුනක් වෙසෙන යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල ප්‍රහාර අඛණ්ඩව එල්ලවන බව සඳහන් වෙි.
මේ අතර යුක්රේන ගුවන් සීමාව වසා දැමීමත් සමඟ,එරට රැදී සිටින ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා යුක්රේනයේ ගොඩබිම් දේශසීමා හරහා ඉන්දීය රජයේ කණ්ඩායම් යවන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා.
විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා ප්රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ, “ප්‍රමුඛතාවය වන්නේ යුක්රේනයේ සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාවයි. අගමැති මෝදි ජනාධිපති පුටින් සමඟ කතා කිරීමට යයි. අපි යුක්රේනයෙන් පිටතට ගුවන් ගමන් සඳහා පහසුකම් සලසමින් සියලුම ඉන්දියානු සිසුන් සමඟ සම්බන්ධ වී සිටිමු. යුක්රේනයේ සිටින ඉන්දියානුවන්ට උපදෙස් කිහිපයක් නිකුත් කර ඇත.” යනුවෙනි.
නිලධාරීන් 20 කට වැඩි පිරිසක් පාලක මැදිරිය 24×7 පාලනය කරති. රුසියානු භාෂාව කතා කරන නිලධාරීන් යුක්රේනයට යවා ඇත. සිසුන් ආපසු ගෙන්වා ගැනීමට හැකි සෑම දෙයක්ම කරනවා.” ඔහු පවසා ඇත.
යුක්රේනය නේටෝවට සමීප වීම සම්බන්ධයෙන් මාස ගණනාවකින් පසුව රුසියාව අද උදෑසන යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කළා.
යුක්රේනය බටහිරයන්ගේ රූකඩයක් බවත් එය කිසිසේත්ම නිසි රාජ්‍යයක් නොවන බවත් පුටින් මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා.
සවස් වන විට රුසියාව කියා සිටියේ තම හමුදාව යුක්රේනයේ හමුදා ඉලක්ක 70කට වැඩි ප්‍රමාණයක් විනාශ කර ඇති බවත්, එයින් වැඩි ප්‍රමාණයක් ගුවන් තොටුපල 11 ක්, S-300 හි රේඩාර් මධ්‍යස්ථාන 18 ක් සහ Buk-M1 ගුවන් යානා නාශක මිසයිල පද්ධති ද ඇතුළුව බවත් ය.
විවිධ යුක්රේන නිල මූලාශ්‍රවලින් ගණනය කිරීම්වලට අනුව අවම වශයෙන් පුද්ගලයන් 68 දෙනෙකු (සොල්දාදුවන් සහ සිවිල් වැසියන්) මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
තවද යුක්රේන ගුවන් හමුදාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් භටයින් 5 දෙනෙක් මරණයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ 14 දෙනෙක් යානයේ ගමන් කර ඇති බවද වාර්තාවේ.
එමෙන්ම රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට යුක්රේන හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන් එක් නැවියකු අනතුරට ලක් ව නැවක් ගිනි ගෙන ඇති බව වාර්තාවේ
ජනාධිපති සෙලෙන්ස්කි තවදුරටත් අගනගරයේ රැඳී සිටින අතර, ඔහු කියා සිටියේ යුක්රේනය දේශපාලනමය වශයෙන් විනාශ කිරීම රුසියානු අක්රමණයේ අරමුණ බවයි.