රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන තත්ත්වයේදී ශ්‍රී ලංකාව නිර්පාර්ශවික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රජය සඳහන් කරයි.
මෑත කාලීනව යුක්රේනයේ ඇතිව තිබෙන තත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කණස්සල්ලෙන් පසුවන බවත් මෙම ගැටළුව සම්බන්ධයෙන් රටක් වශයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ අපක්ෂපාතී ප්රතිපත්තියක බවත් විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරනවා.
අද(25) උදෑසන ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. කෙසේ නමුත් ගැටලු විසඳාගැනීමේ හොඳම ක්‍රමය යුද්ධය නොවන බව ශ්‍රී ලංකා රජයේ මතය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළා.
යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත නොකරන බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවක් අවධානය සිටින බවත් පැවසූ ඔහු ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් බවද සඳහන් කළේය.
ඒ අනුව රුසියානු ආක්‍රමණයකට ලක්ව ඇති යුක්රේනයේ තත්ත්වය පිලිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් පසුවන බව ඔහු සඳහන් කළා.
මේ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හා ආර්ථිකයට දැඩි බලපැමක් වන බවද විදේශ කටයුතු ලේකම්වරයා ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, මෙහිදී නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය තුලින් රුසියාව අනාරක්ෂිත වීමේ ගැටලුව ද සැලකිල්ලට ගත යුතු බව ඔහු සඳහන් කළා.
යුක්රේනයේ බෙදුම්වාදී ඩාන්යෙක් සහ ලුහාන්ස්ක් ප්‍රාන්ත රුසියාව විසින් වෙනම රාජ්‍යයන් ලෙස පිලිගැනීම ලක් රජය අනුමත කරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ කියා සිටියේ ඓතිහාසික හෝ දේශපාලනමය වශයෙන් යුක්රේනයේ තත්ත්වය ශ්‍රී ලංකාවට සම කළ නොහැකි බවයි.