අද දිවා කාලයේ පැය තුනක් විදුලිය කැපෙයි. රාත්‍රියේ නොකැපෙයි

0
366

අද දිනයේ ද පැය 03 කට ආසන්න කාලයක් දිවා කාලයේදී විදුලිය කප්පාදු කෙරෙනවා. මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ අද දිනයේදී A,B,C කලාපවල පැය 03 ක කාලයක් සහ සෙසු කලාපවල පැය දෙකහමාරක කාලයක් දිවා කාලයේදී විදුලිය කප්පාදු කරන බවයි.

හෙට දිනයේදී A,B,C කලාපවල දහවල් කාලයේදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර සෙසු කලාපවල විදුලි විසන්ධි කිරීමක් සිදුවන්නේ නැහැ. කෙසේවෙතත් අද සහ හෙට යන දින 02 තුළ රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.

හෙට (27) දිනයේදී A,B සහ C කාණ්ඩවලට පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර අනෙකුත් කලාපවලට හෙට දිනයේදී දිවා කාලයේදී හෝ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here