යුක්රේන ආක්‍රමණය මාධ්‍යයේ රුසියාව විසින් එරට ජනතාවට ෆේස්බුක් මාධ්‍ය ජාලය වෙත ප්‍රවේශ වීම සීමා කර ඇත.
අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකර ඇති බව රුසියානු බලධාරින් ප්‍රකාශ කර තිබේ.
එහෙත් රොයිටර් වාර්තා හෙළිකරන්නේ සත්‍යය වසංකිරීම පහසුවීම සඳහා රුසියාව ෆේස්බුක් අවහිර කර ඇති බවටයි.
රුසියාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කර දිනකට පසුව මෙම පියවර ගෙන ඇති අතර රැසියාවේ සන්නිවේදන නියාමක ජාලය චෝදනා කරන්නේ මෙය එරට පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝණය කිරීමක් බවයි.
කෙසේ වෙතත් මෙය ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා හි වට්ස්ඇප්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත කෙතරම් දුරට බලපාන්නේ ද යන්න පැහැදිලි නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර යුක්රේනයේ යුද ගැටුම් හේතුවෙන් මේ වන විට යුක්රේන ජාතිකයින් ලක්ෂයකට අධික පිරිසක් අවතැන්වී ඇති අතර 35,000ක පමණ පිරිසක් පෝලන්තයට පළාගොස් ඇති බව වාර්තා වේ.
(බී.බී.සී. ඇසුරිනි)