Tuesday, November 19, 2024

මෙරට රැඳී සිට්න යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

යුක්‍රේන ජාතිකයින් 4,000ක් පමණ මේ වන විට මෙරට රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ඔවුන් දින 30ක කාලයක් සඳහා මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එම සංචාරකයින්ගේ වීසා කාලය දින 30කින් අවසන් වීමට නියමිතය.

නමුත් එරට පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් එම සංචාරකයින්ට වීසා කාලය දීර්ඝ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස සංචාරක නියෝජිතයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ වීසා කාලය අවසන්වීමෙන් පසු සිය රට බලා යාමට අවශ්‍ය සංචාරකයින්ට සෘජුව යුක්‍රේනයට ගුවන් ගමන් සිදුනොවන බැවින් වෙනත් රටවල් හරහා යළි සිය රටට යෑමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ද එම නියෝජිත ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය

එහෙත් යුක්‍රේනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් මෙරට රැඳී සිටිමට කැමැත්ත දක්වන සංචාරකයින්ට වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සලසාදෙන ලෙස අදාළ සංචාරක නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles