පිරවුම්හල් වෙත නිකුත් කරන ඩීසල් ප්රමාණය සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඊට හෙතු වි ඇත්තේ මේවනවිට දින 07 කට පමණක් ප්රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පැවතීමයි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ හේතුවෙන් ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසය.
තවත් ඩීසල් නැවක් මෙරටට ළඟාවීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවිය හැකිය.
ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟාවී එම ඩීසල් තොග ගොඩබාන තෙක් රට තුළ පවතින ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගක සංස්ථාව පෙන්වා දෙයි.