අද (28) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහයි විනාඩි 15ක කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 5 ක් හා මිනිත්තු 15 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ
එමෙන්ම P, Q, R, S, T, U, V, සහ W යන කලාප වලට පැය 5යි විනාඩි 15ක කාලයක් සහ A, B, C කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙලෙස විදුලිය කප්පාදුව සිදු කරයි.