Sunday, September 22, 2024

යුක්රේනය ගැන සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය වහාම රැස්වෙයි

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි විශේෂ මහාමණ්ඩල සැසිවාරයක් පැවැත්වීමට එක්සත්ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.

ඒ ඊයේ පැවැති විශේෂ රැස්වීමකදී සම්මත කරගනු ලැබූ යෝජනාවක් අනුවයි.

ඒ අනුව රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද (28) පැවැත්වීමට නියමිතයි.

මෙම යෝජනාව සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් 11ක් සිය අනුමැතිය පළකළ අතර රුසියාව යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශකළේය.

ඉන්දියාව , චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකුණි.

එම රාජ්‍යයන් තුන මීට පෙර සෙනසුරාදා එක්සත්ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ද යුක්‍රේනයේ රුසියානු හමුදා ආක්‍රමණය හෙළාදැකීමේ යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීම කැපී පෙනෙන තත්ත්වයක් විය.

එම අවස්ථාවේ දී රුසියාව සිය නිෂේධ බලය පාවිච්චි කිරීම හේතුවෙන් එම යෝජනාව පරාජය වූ නමුත් , ඊයේ පැවැති රැස්වීමේ යෝජනාව සඳහා නිශේධ බලය යොදාගැනීම ට අවසරයක් නොතිබුණි.

මේ හේතුවෙන් එම හදිසි විශේෂ මහාමණ්ඩල සැසිය සඳහා අනුමැතිය හිමිවූ අතර එය සඳුදා නිව්‍ යෝර්ක් වේලාවෙන් පෙරවරුවේ 10ට ඇරඹෙනු ඇත.

මීට පෙර මෙවැනි විශේෂ මහාමණ්ඩල සැසිවාරයක් කැඳවා ඇත්තේ තිස් වසරකට පෙරයි. එනම් 1982 වසරේදීය.

1950 වසරට පසු ගතවූ කාලය තුළ මෙලෙස විශේෂ මහාමණ්ඩල සැසිවාරයක් කැඳවා ඇත්තේ අවස්ථා තුනකදී පමණක් වීමත් විශේෂත්වයකි .

මෙවැනි සමුළුව හදිසියේ පැය 24ක් තුළ කැඳවීමේ විශේෂ වගන්තියක් එක්සත් ජාතීන්ගේ ප්‍රඟ්ප්තියට ඇතුළත් කර ඇති අතර එවැන්නක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනා කළ හැක්කේ සාමය සඳහා එක්‍ රැස් වීම යන අරමුණින් පමණක් වේ.

මීට පෙර මෙවැනි හදිසි විශේෂ මහාමණ්ඩල සැසිවාර දහයක් ඉතිහාසය පුරා පවත්වා ඇති අතර ඉන් බහුතරයක් මැදපෙරදිග හා පලස්තීන අර්බුදය හේතුවෙන් කැඳවනු ලැබූ ඒවායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles