Sunday, September 22, 2024

යුක්‍රේනය විසින් තමන් වෙත මුදල් පරිත්‍යාග කිරීම සඳහා Cryptocurrencies භාවිතා කල හැකි බව නිල වශයෙන් නිවේදනය කරයි

යුක්‍රේනය විසින් තමන් වෙත මුදල් පරිත්‍යාග කිරීම සඳහා Cryptocurrencies භාවිතා කල හැකි බව නිල වශයෙන් නිවේදනය කර ඇත.ඒ අනුව දැන් යුක්‍රේනය තුල සියලුම වර්ගයේ Cryptocurrencies නීත්‍යානුකූල වන අතර ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම තැනක සිට යුක්‍රේනය වෙත Cryptocurrencies මගින් පරිත්‍යාග කල හැකිය. මෙම නිවේදනයෙන් පැය කිහිපයක් යන්නත් මත්තෙන් යුක්‍රේනය වෙත ලැබී තිබෙන Cryptocurrency පරිත්‍යාග ප්‍රමාණයන්ගේ වටිනාකම අදහාගත නොහැක.

පහත දැක්වෙන්නේ
“පසුම්භි ලිපින(wallet address) : 357a3So9CbsNfBBgFYACGvxxS6tMaDoa1P” නම් යුක්‍රේනයේ official Bitcoin wallet එකට ලැබී ඇති බිට්කොයින් පරිත්‍යාග ප්‍රමානය සහ “පසුම්භි ලිපින(wallet address): 0x165CD37b4C644C2921454429E7F9358d18A45e14” නම් යුක්‍රේනයේ official Ethereum wallet එකට ලැබී ඇති ඉතීරියම් ප්‍රමාණය දැක්වෙන චායාරූප 2යි.

එහි දැක්වෙන ආකාරයට මේ වනවිට යුක්‍රේනයට ‘බිට්කොයින්’ 9ක් (9 BTC) ආසන්න වශයෙන් $379,167.08 ක මුදලක් මිනිසුන් විසින් පරිත්‍යාග කර ඇත. ඒ වගේම ‘ඉතීරියම්’ 183.312363223034023542ක් (183.312363223034023542 ETH) ආසන්න වශයෙන් $2,710,331.68 (ඩොලර් මිලියන 2+) ක මුදලක්ද මිනිසුන් විසින් මේ පැය කිහිපයට පරිත්‍යාග කර ඇත.

Blockchair සහ Etherescan වෙබ් අඩවි වල මෙම පසුම්භි ලිපින දෙක search කිරීමෙන් ඔබටද යුක්‍රේනය වෙත තප්පරෙන් තප්පරේ පරිත්‍යාග කරන crypto මුදල් සජිවිව නැරඹිය හැක. මේ යන විදියට ඇමරිකාව වසරකට වැය කරන සමස්ථ war budget එකම යුක්‍රේනෙට දින කිහිපයකින් ආවරනය කර ගත හැකි බව නොඅනුමානය.

මෙම පරිත්‍යාගවලින් ඔවුන් රුසියානු සතුරු හමුදාවන් සමඟ සටන් කිරීමට අවශ්‍ය කරන ආයුධ,ප්‍රහාරක ගුවන් යානා පමණක් නොව බෙහෙත්,ආහාර වැනි අත්‍යාවශය දෑ ද සපයා ගනීවී. ඔබටත් අවශ්‍ය නම් මෙම wallet address දෙකට යුක්‍රෙනය වෙත bitcoin හෝ Ethereum හෝ වෙනත් ඉහල පෙලේ Cryptocurrencies වලින් පරිත්‍යාග කල හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles