රුසියාවේ යුද විරෝධීන් දෙදහසක් අත්අඩංගුවට

0
266

යුක්රේනයට එරෙහිව සිදු කරන ආක්‍රමණ නතර කරන ලෙස රුසියාව තුළ විරෝධතාවල නිරත වූ 2000ක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්වාධීන මානව හිමිකම් නිරීක්ෂකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ආක්‍රමණය ආරම්භ කළ පසුගිය බ්‍රහස්පතින්දා සිට මේ දක්වා රුසියාවේ යුද විරෝධීන් 5,250 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රුසියානු සහ යුක්රේන භාෂාවෙන් යුක්රේනයට සාමය ඉල්ලන විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන ජනතාව මොස්කව් හි දී විරෝධතාවල නිරත වන අතර, රුසියානු රූපවාහිනී නාලිකාවක වාර්තාකරුවෙකු ද එම විරෝධතා අතරතුර පොලිසිය අත්අඩංගුවට ගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here