Tuesday, January 7, 2025

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන ජාතික සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මෙරට රැදී සිටින යුක්රේන හා රුසියානු ජාතික සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

ඒ සඳහා ඊයේ රාත‍්‍රී පැවැති කැබිනට් රැස්වීමට සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබුණි.

රුසියානු සංචාරකයින් 11,463 සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටී.

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යාමට නැවත සිය රට කරා යෑමට නොහැකි තත්ත්වයක් පැන නැගීම ඊට හේතුවයි.

එම තත්ත්වය හමුවේ මතුව ඇති ගැටළුකාරී තත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව එම සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කර ගැනීමකින් තොරව මාස දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles