Wednesday, May 15, 2024

අංශ රැසකට පැනවූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද සිට

මාර්තු 01 දා සිට මාර්තු 31 දා දක්වා අදාළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක බවට සඳහන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත..

ඒ අනුව කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලින කර ඇත.

පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක වූ මාර්ගෝපදේශ බොහෝමයක් මේ යටතේ ක්‍රියාත්මක අතර ආපනශාලා, කඩ සාප්පු, සිල්ලර බඩු, සුපිරි වෙළඳසැල්, බැංකු, සිනමා ශාලා, ප්‍රේක්ෂකයින් සමඟ ක්‍රීඩා කටයුතු, උපකාරක පන්ති,විභාග පැවැත්වීම්, අවමංගල්‍ය කටයුතු ,කර්මාන්ත ශාලා පවත්වාගෙන ආදිය පවත්වා ගෙන යෑමෙිදී යුතු සඳහා වෙන් කර තිබූ සීමාවන් සහ සීමිත ධාරිතාවන් ඉවත් කර තිබේ.

ඉහත ක්‍රියාකාරකම් වල යෙදීමේදී නිසි සෞඛ්‍ය පුරුදු ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් ජනතාව වැඩ කටයුතු කරගෙන යාමට වගබලා ගත යුතු වන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ප්‍රමාණයෙන් සීයයට 75ක ප්‍රමාණයකට සහභාගිවීමට අවසර ලබාදී ඇත. එමෙන්ම පෞද්ගලික ඒකාරාශි කිරීම්, සම්මන්ත්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශණ ආදී කටයුතු සඳහා ද එකවර කැඳවීමට අවසර ලබාදී ඇත්තේ 75%ක පිරිසකටය.

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළදීම, දූරස්ථභාවය පවත්වාගෙන යාම ආදී මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු ඒ අයුරින් ම දිගට ම පවත්වාගෙන යාම නව චක්‍රලේඛය මගින් අවධාරණය කර තිබේ.

එමෙන් ම, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී දූරස්ථභාවය, ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය සහ පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ පැළඳීම ආදී මෙතෙක් පැවති මාර්ගෝපදේශ ද ඒ අයුරින් ම ක්‍රියාත්මක ය.

මේ අතර 100%ක පූර්ණ එන්නත්කරණයට යොමුවීමේ අවශ්‍යතාව ද මෙමගින් වැඩිදුරට ත් අවධාරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles