එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ

0
335

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සභාපතීත්වය දරණ “එක රටක් එක නීතියක්” පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ධූර කාලය තවත් තෙමසකින් දීර්ඝ කොට තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙයට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරනු ලැබීය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වන දින පිහිටවනු ලැබූ එක රටක් – එක නීතීයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා ලබා දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත්, කාර්ය සාධක බලකායට පවරා තිබූ වගකීම් තවමත් අවසන්ව නොමැති නිසා තවත් මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

එක රටක් එක නීතියක් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති කර්තව්‍යයන් වඩාත් කාර්යක්ෂම සිදු කිරීමටත් – එම ජනාධිපති කාර්ය සාධක බලකායට – දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි පුළුල් ආකාරයෙන් මහජන සහ විද්වත් අදහස් ලබා ගැනීම සදහාත් මෙසේ එහි නිල කාලය දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here