Wednesday, September 25, 2024

ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පුටින්ගේ පටිය ගලවයි

ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනයේ ගෞරවනිය සභාපති තනතුරෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉවත් කිරීමට ජුඩෝ සම්මේලනය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මේ වසරේ රුසියාවේදී පැවැත්වීමට නියමිත ජුඩෝ තරඟාවලිය ද අවලංගු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර ජනපතිවරයාගේ ගෞරවනීය ටයිකොන්ඩෝ කළු පටිය නැවත කැඳවීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් මීට පෙර රුසියානු ජනාධිපතිවරයාට ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා ගෞරවනීය කළු පටියක් ප්‍රදානය කර තිබුණා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් මෙම ගෞරවනීය කළු පටිය ඉවත් කිරීමට ලෝක සම්මේලනය තීරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles