Friday, May 17, 2024

රුසියාව යුක්රේනයට එල්ල කළ ම්ලේච්ඡ මිසයිල ප්‍රහාරයක දර්ශන නිකුත් කෙරේ

යුක්‍රේනයේ, කාර්කිව්හි මධ්‍යම නිදහස් චතුරශ්‍රයට සහ එහි ජනාකීර්ණ දිස්ත්‍රික්කවලට රුසියාව අද (මාර්තු. 1) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලිබා පවසයි.

එහි දර්ශන සඳහන් වීඩියෝ පටයක් ද සිය ට්විටර් ගිණුමේ පළ කරමින් ඔහු එම ප්‍රහාරය හඳුන්වා දී ඇත්තේ, එය ”ම්‌ලේච්ඡ රුසියානු මිසයිල ප්‍රහාරයක්” බව ය.

“පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි. ඔහු කෝපයෙන් තවත් යුද්ධ අපරාධ කරයි. අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරයි” යනුවෙන් ඔහු සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

ඔහු අවධාරණය කරන්නේ, රුසියානු ආක්‍රමණය නැවත්වීම සඳහා ලෝකයට තවත් බොහෝ දේ කළ හැකි බව ත් එය කළ යුතු බව ත් ය.

“පීඩනය වැඩි කරන්න, රුසියාව සම්පූර්ණයෙන් ම හුදෙකලා කරන්න,” යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සිය සටහනේ සඳහන් කර තිබෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles