Friday, May 3, 2024

යුක්රේන ප්‍රහාරවලින් රුසියානු හමුදා භටයින් 5700ක් ජීවිතක්ෂයට

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් ඇති වුණු පළමු දින 5 තුළදී රුසියානු හමුදා භටයින් 5710 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්‍රේන ආරක්ෂක නිලධාරීහු පවසති‍.

යුක්‍රේන ප්‍රකාශකයෙකු ෆේස්බුක් ඔස්සේ පළ කළ වීඩියෝවක දැක්වෙන්නේ, රුසියානු භටයින් 200කට අධික පිරිසක් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගත් බව ය.

ඊට අමතරව, රුසියාවට අයත්, යුද්ධ ටැංකි 198ක්, ගුවන් යානා 29ක්, සන්නද්ධ රථ 846ක් සහ හෙලිකොප්ටර් 29ක් විනාශ කළ බව ද ඔහු පැවසීය

මෙි අතර රුසියාව, යුක්රේන හමුදා කඳවුරකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන හමුදා භටයින් අවම වශයෙන් 70 දෙනෙකු පමණ මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි එරට බලධාරීහු පවසති.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, යුක්‍රේනයේ ඕක්ට්‍රිකා නම් කුඩා නගරයකට මෙම ප්‍රහරය එල්ල කර ඇති බව ය.

මේ වන විට රුසියානු හමුදාව ඕක්ට්‍රිකා නගරය වටලා ඇති අතර මෙම නගරය යුක්‍රේනයේ ඊසාන දිග කලාපයට අයත් නගරයකි.

ඊයෙ දිනයේදී ත් මුදවා ගැනීමේ කණ්ඩායම්, ප්‍රහාරය සිදු වූ  ස්ථානයේ සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සොයා ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

යුක්‍රේන පාර්ලිමේන්තුව ද මිය ගිය හමුදා භටයින්ට උපහාර දක්වමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. 

මේ අතර යුද්ධ ටැංකි, ට්‍රක් රථ, ඇදගෙන යන කාලතුවක්කු සහ ආධාරක වාහන ඇතුළත් සැතපුම් 40ක් (කිලෝමීටර 65ක්) පමණ දිගින් යුත් රුසියානු යුද්ධ රථ පෙළක් යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍යවල සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles