Friday, May 17, 2024

රුසියා – යුක්රේන දෙවන සාකච්ඡා වටය හෙට

රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා මාලාවේ දෙවන වටය හෙට (මාර්තු 02) පැවැත්වීමට තීරණය කර තිබේ.

රුසියානු මාධ්‍ය වාර්තා කළේ, මේ සඳහා දෙරටේ නියෝජිතයින් එකඟතාව පළ කර ඇති බව ය.

මෙම සාකච්ඡා පැවැත්වෙන ස්ථානය මෙතෙක් තීරණය කර නොමැත.

මේ අතර, රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරූස්හිදී ඊයේ පැවති සාම සාකච්ඡා වටයේදී දෙපාර්ශවය අතර එකඟතා කිහිපයක් සඳහා ප්‍රවේශයක් ළඟා කර ගැනීමට හැකි වූ බව බෙලරූස්හි විදේශ කටයුතු අමාත්‍ය ව්ලැඩිමීර් මකායි පවසයි.

මෙම ප්‍රවේශයන් හරහා අර්බුදයට ධනාත්මක විසඳුමක් ළඟා කර ගත හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, රුසියාව සහ යුක්‍රේනය අතර නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා බෙලරූස් රාජ්‍යය වගකීම් පැහැර නොහරින බව ය.

මෙම අර්බුදයේදී පිටස්තර අතපෙවීම් නොතිබුණා නම් එය මීට කාලයකට පෙර විසඳා ගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දී තිබේ.

දෙපාර්ශවය එක මේසයකට රැගෙන ඒම අතිශය දුෂ්කර කටයුත්තක් වූ බව ත් එය ජය ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ත් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, තව ත් දින කිහිපයකින් බෙලරූස් – පෝලන්ත දේශ සීමාවේදී ඊළඟ සාකච්ඡා වටය සංවිධානය කරන බව ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles