රට දැන් මේ වෙනකොට බංකොලොත් වෙලා ඉවරයි

0
281

ලංකාව අද වන විට ඇත්ත වශයෙන්ම බංකොලොත් වී අවසන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කළේය.

චමිපික රණවක මහතා මේ බව කියා සිටියේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා එහි පෙනී සිටීමෙන් පසු පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනින්ය.

“මිනිස්සුන්ට ඖෂධ ටික ගේන්න ගේන්නේ නැති ආණ්ඩුවක්. මිනිස්සුන්ට පැනඩෝල් පෙත්ත ගේන්නේ නැති ආණ්ඩුවක්. ඒ වගේම දරුවන්ට කිරිපිටි ටික දෙන්නැති,ආණ්ඩුවක්. අධිවේගී පාරවල් හදන්නේ කොහොමද කියන එක අපි දන්නෑ. ඒවායේ කොහොමද යන්නේ කියලා අපි දන්නෑ.

මෙහෙම අනුකම්පාවක් සහකම්පනයක් නැති මෙහෙම ජනතාව ගැන නොහිතන පාලනයක්. මං දන්නෑ. ඒගොල්ලන් කොයි විදිහටද මේ රට ගැන, මේ රටේ මිනිස්සු ගැන හිතන්නේ කියලා. මිනිස්සුන්ට කරන ලද දරුණුම අපහාසයක් ඒක.

කිරිපිටි නැතුව බේත් නැතුව, තෙල් නැතුව, විදුලිය නැතුව, දුක් විඳින මිනිස්සුන්ට කරපු ලොකුම අපහාසයක් අධිවේගී පාරවල් හදන්න පුරාජේරු කතා කියනවා. කිසිම විදිහකට ඉදිරියට යන්න බෑ. රට දැන් මේ වෙනකොට ඇත්ත වශයෙන්ම බංකොලොත් වෙලා ඉවරයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here