ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මකයි – නියෝගය ගැසට් කරයි

0
438

ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඊට අදාළ නියෝගය පසුගිය 11 වැනිදා ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කර ඇති බවයි එම කාර්යාලය පවසන්නේ.

දුප්පත් ජනතාවගේ වැඩි කොටසකට ණය පහසුකම් ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාර මෙරටදී යම් පාලන තන්ත්‍රයකට යටත් වන්නේ පළමුවැනි වතාවට බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

නෛතික රාමුවක් නොතිබීම හේතුවෙන් පසුගිය සමයේ ක්ෂුද්‍ර ණය මුවාවෙන් සක්විති, දඩුවම් මුදලාලි වැනි කූඨ ව්‍යාපාරිකයින් බිහිවූ බව සදහන්.

මින් පසු එවැනි අක්‍රමිකතාවලට ඉඩක් නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here