Sunday, September 22, 2024

කබ්රාල් විමල්⁣ට උත්තර දෙයි

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් විමල් වීරවංශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හෙට දිනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කරන බව සඳහන් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් ඇති බවට විමල් වීරවංශ මහතා ඊයේ (02) දිනයේ ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම මුදල් අමාත්‍යවරයා සහ තමා අවශ්‍ය වූ විට හමුවන බව ද කබ්රාල් මහතා පවසයි. අද (03) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ සඳහන් කර තිබිණි.

කුඩා කියන අය නංවන්න අවශ්‍යයි ඒ නිසා ඒ අයගේ අලෙවි කිරීමේ ශක්තිය වැඩි කරන්න අවශ්‍යයි, ඒ අයගේ දැනුම වැඩි කිරීමට අවශ්‍යයි, ඒ අයගේ තාක්ෂණික දැනුම වැඩි කරන්න අවශ්‍යයි, ඒ සියලුම දේවල් කරන්න අවශ්‍යයි,ඒ කිරිම ගැන අපි සතුටු වෙනවා .ඒක දිගින් දිගටම කළයුතු වැඩක්”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles