Friday, May 17, 2024

වෙළඳපොලේ යළිත් ගෑස් හිඟයක්!

ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වනවිට යළිත් වරක් වෙළදපොළ තුළ ගෑස් හිඟයක් උද්ගතව තිබෙනවා.

මෙරටේ ප්‍රධාන ගැස් සැපයුම් සමාගම වන ලිට්රෝ සමාගම් මේ වනවිට ගැස් ගෙන්වාගැනීමට නොහැකිව උග්‍ර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙයි.

ඒ ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් අඩංගු නෞකා 3ක් මෙරටට ළඟා වී ඇතත් එහි තොග ගොඩබෑමට නොහැකි වී ඇත්තේ ණයවර ලිපි විවෘත කර ඩොලර් ගෙවීමට නොහැකිවීම හේතුවෙන්.

මෙම තත්ත්වයත් සමඟ ලිට්රෝ ගෑස් බෙදා හැරීම, කර්මාන්තශාලා සහ ආදාහනාගාරවලට පමණක් සීමා වී තිබෙනවා.

බෙදා හරින ලද ගෑස් තොග සීමිත ප්‍රමාණයක් වෙළදපොළේ තවදුරටත් අලෙවි වන අතර ඉදිරියේ දී එම සැපයුම ද අඩාල වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත දිවයින පුරා නැවත වරක් ගැස් හිඟවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සිය සමාගම ආනයනය කළ ගෑස් තොග රට තුළට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලාෆ් සමාගම පවසයි.

මේ වන විට වෙළදපොළ තුළ පාරිභෝගික අලෙවිය සඳහා ගෑස් නොමැති බවද ලාෆ් සමාගම සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles