Saturday, September 21, 2024

2022 වසරේ මීළඟ පාසල් වාරය හෙට (07) ඇරඹෙි

2022 වසරේ මීළඟ පාසල් වාරය හෙට (07) ආරම්භ වනවා.


නව පාසල් වාරය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව සිසුන් 20ක් දක්වා සිටින පන්තිවල සියලු සිසුන් සෑම දිනකම පාසල් වෙත කැඳවිය යුතු බවයි එහි දැක්වෙන්නේ.
සිසුන් 20 සිට 40 දක්වා අධ්‍යාපනය ලබන පංතිවල සිසුන් කාණ්ඩ දෙකකට වෙන්කර සතියක් හැර සතියක් අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව අදාළ චක්‍රලේඛනයේ දැක්වෙනවා.

පන්තියක ඉගැනුම ලබන සිසුන් සංඛ්‍යාව 40 ට වැඩි නම්, කොටස් 03කට වෙන්කර අධ්‍යයන කටයුතු සිදු කළ යුතු වනවා.

මෙි අතර හෙට (07) දින නැවත පාසල් ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් එම ලක්ෂණ පහවූ පසු ඔවුන් පාසල්වලට යැවීමට මවුපියන් වගබලා ගත යුතු බවද හෙතෙම සඳහන් කර සිටිනවා.

විශේෂයෙන් වයස 12 ට අඩු දරුවන් කොවිඩ් එන්නත්කරණයට භාජනයවී නොසිටින හෙයින් මවුපියන්, ගුරුවරුන්, පාසල් බස් රථ රියදුරන් ,සහායකයන් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටීම වැදගත් බව සඳහන් කළ දීපාල් පෙරේරා මහතා පාසල් තුළදී දරුවන් ඒකරාශීවීම වැළැක්වීමටද ගුරුවරුන් කටයුතු කළ යුතු බව පවසා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles