ආණ්ඩුවේ සිටින තුරු ඇමතිවරුන් ආණ්ඩුව රැකිය යුතුයි. බැරි නං පිටවී යා යුතුයි

0
263

ආණ්ඩුවේ සිටින තුරු ඇමතිවරුන් ආණ්ඩුව රැකිය යුතු බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලයේ සිටියදී ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැතැයිද  ඔහු කීවේය.

ආණ්ඩුවේ එකට සිටගෙන සිටීමට නොහැකිනම් ඉන් පිටවී යායුතු බවත් විමල්-උදය ‍යන හිටපු අමාත්‍යවරුන් සෑම විටම රජය විවේචනය කිරීම සිදුකළ බවත් ඔහු පවසනවා.

ගාමිණී ලොකුගේ මහතා මෙම අදහස් පලකළේ රජය සම මුදල් අමාත්‍යවරයා විවේචනය කිරීම හේතුවෙන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ව සිය අමාත්‍ය ධූර වලින් පහ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධව අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here