Saturday, November 16, 2024

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ජනපති විසින් ආර්ථික සභාවක් පත් කරයි

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආර්ථික සභාවක් පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, මහබැංකු නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන් ඇතුළත් බව සඳහන්.

ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම් අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම හා රජය වෙනුවෙන් මග පෙන්වීම මෙම ආර්ථික සභාවට පැවරී ඇත.

පසුගිය සඳුදා (28) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ආරක්ෂක කවුන්සිලය මෙන් සතිපතා රැස්ව රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමේ වගකීම මෙම ආර්ථික කවුන්සිලයට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles