හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන මෙරට විශාලතම නව සිමෙන්ති කර්මාන්තශාලාව අද විවෘත කිරීමට නියමිතව තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ලොව දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිත කෙරෙන මෙම කම්හලේ නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2කට අධික බවට යි ඇස්තමේන්තු ගතකර ඇත්තේ.
මෙම සිමෙන්ති කර්මාන්තශාලාව ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්ව තිබීමද විශේෂත්වයකි.
ඒ අනුව මෙරට කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය සිමෙන්ති කම්හල් 06 අතරට අලුතින් එක්වන නව කර්මාන්තශාලාව ද මෙය වනවා.
මෙම නව සිමෙන්ති කම්හල මඟින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක සිමෙන්ති ධාරිතාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මේ වන විට ඇස්තමේන්තු කර තිබෙනවා.
ඒ අනුව මෙම නව සිමෙන්ති කර්මාන්තශාලාව හරහා දැනට වෙළදපොලේ පවතින සිමෙන්ති හිඟය මඟහරවා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කෙරනවා.
හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබුවේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදීයි.