Saturday, November 16, 2024

2008 වසරෙන් පසුව වාර්තා කළ ඉහළම බොරතෙල් මිල වාර්තා කරයි

බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති දැඩි සම්බාධක හමුවේ ලෝක බොරතෙල් මිල ඓතිහාසික වාර්තාවක් අසලට පැමිණෙමින් තිබෙනවා.

ඒ අනුව මේ වන විට ලෝකයේ බොරතෙල් බැරලයක සම්මත මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක ඇමරිකානු ඩොලර් 139ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

කෙසේ වෙතත් ඒ අගය මේ වන විට ඇමරිකානු ඩොලර් 127ක් දක්වා පහත වැටී තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනය වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 118ක පැවැති අතර එය ඩොලර් 20කින් ඉහළ ගොස් තිබුණා.

ලෝක බොරතෙල් මිල වාර්තා වූ ඉහළම අගය වාර්තා වන්නේ 2008 වසරේ දී වන අතර එය අමෙරිකානු ඩොලර් 147.50ක් ලෙස වාර්තා වුණා.

මේ අනුව 2008 වසරෙන් පසුව වසර 14 කට පසු මේ වන විට ප්‍රථම වරට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 130 දක්වා ඉහල ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles