රුසියානු ප‍්‍රහාර වලින් එකම පවුලේ තිදෙනෙක් මියයයි

0
424

රුසියානු හමුදා එල්ල කළ ප‍්‍රහාරයකින් යුකේ‍්‍රනයේ එකම පවුලේ තිදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මව සහ ඇගේ දරුවන් දෙදෙනා මෙලෙස මෝටාර් ප‍්‍රහාරයකින් මියගොස් ඇති බවයි.

ඔවුන් ඉර්පින් නගරය අතහැර පළායමින් සිටියදී එම ප‍්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

මේ අතර රුසියානු හමුදා මේ වන විට යුකේ‍්‍රනයේ කිව් අගනුවර ආසන්නයටම පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එම නගරයේ ද ජනතාව විශාල වශයෙන් තම ගම් බිම් හැරදා පළා යමින් සිටින බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here