Sunday, May 19, 2024

IPL තරඟ කාලසටහන නිකුත් කෙරේ

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක‍්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දින 65ක් පුරා පැවැත්වෙන තරගාවලිය මාර්තු 26 වනදා මුම්බායිහි වැන්කඩේ ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් ක‍්‍රීඩා කිරීම හේතුවෙන් ලීග් වටයේ තරග 70ක් පැවැත්වෙනු ඇති.

මුම්බායි හා පූනේහි පිහිටි ක‍්‍රීඩාංගණ 4කදී පමණක් ලීග් වටයේ තරග පැවැත්වීමටයි තරඟ සංවිධායකයින් තීරණය කර ඇත්තේ.

එහිදී පළමු තරගය සදහා තරග වදින්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

ඒ අනුව දහවල් කාලයේ පැවැත්වෙන තරග පස්වරු 3.30ට ද, රාත‍්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ වනු ඇති.

එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 12 ක් ද මෙවර තරග කාලසටහනට ඇතුළත් වෙි.

මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය මැයි 29 වනදා පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles