Sunday, November 17, 2024

රුසියාව විසින් තමන්ට සතුරු රටවල් ලැයිස්තුවක් නිකුත් කරයි

රුසියාවට එදිරිවාදිකම් සතුරු රටවල් සේ සලකන රටවල් ලයිස්තුවක් රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එලි දක්වා තිබේ.

තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත් රටවල් ලෙස මෙම රටවල් ඔවුන් විසින් හදුන්වා ඇත.

අදාල නිවේදනයේ දැක්වෙන්නේ එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

එම රටවල පුද්ගලයින්ට වීසා ලබා දීම එම රටවල ව්‍යාපාරිකයින්ට රුසියාව තුළ ව්‍යාපාර සිදු කිරීම ආදී කටයුතු වලදී දැඩි සීමා පැනවෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම රටවල් ලයිස්තුව මෙසේය.

ඇමරිකා එක්සත් ජනපදය
යුරෝපා සංගමය සියලුම රටවල්
එක්සත් රාජධානිය
යුක්රේනය
මොන්ටිනීග්‍රෝ
ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව
ඇන්ඩෝරා
අයිස්ලන්තය
මොනාකෝ රාජ්‍යය
නෝර්වේ රාජ්‍යය
සැන් මැරීනෝ
උතුරු මැසිඩෝනියාව
ජපානය
දකුණු කොරියාව
ඕස්ට්‍රේලියාව
මයික්‍රොනීසියාව
නවසීලන්තය
සිංගප්පූරුව
තායිවානය

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට ඇතුලත්ව නැහැ.

සති කිහිපයක තර්ජන සහ අනතුරු ඇඟවීම් වලින් පසුව, රුසියාව තමන්ට එරෙහි ක්‍රියාමාර්ග ගත් රටවල් මෙලෙස ලැයිස්තුවකින් එළිකොට තිබේ.

ඒ අනුව මින් ඉදිරියට එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට එරෙහිව රුසියාව එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රුසියානු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ප්‍රතිපත්තියට අනුව මින් ඉදිරියට මෙම රටවල පුද්ගලයින්ට වීසා ලබා දීම එම රටවලට අයත් ව්‍යාපාරිකයින්ට රුසියාව තුළ ව්‍යාපාර සිදු කිරීම ආදී කටයුතු වලදී දැඩි සීමා පැනවෙනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles