Thursday, May 2, 2024

රුසියා හමුදාව විසින් අත්පත් කරගත් චුහුයිව් නගරය යළිත් යුක්රේනය අතට

රුසියා හමුදාව විසින් අත්පත් කරගත් යුක්රේනයේ නැගෙනහිර නගරයක් වන චුහුයිව් යළිත් තම හමුදා විසින් අත්පත් කර ගත් බව යුක්රේන ආරක්ෂක අංශ පවසනවා.

ඉරිදා රාත්‍රියේ ෆේස්බුක් වෙත පළ කරන ලද මෙහෙයුම් යාවත්කාලීන කිරීමක දී යුක්රේනයේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය කියා සිටියේ කියෙව් හමුදා රුසියානු හමුදාවන්ගෙන් නගරය අල්ලා ගත් බවත් සටනේදී රුසියා හමුදාවන්ට විශාල පාඩු සිදු කළ බවත්ය.

31,000 ක පමණ ජනගහනයක් සිටින නගරය යළි අත්පත් කර ගැනීම වෙනුවෙන් පැවැති සටනේදී ඉහළ පෙළේ රුසියානු අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බව යුක්රේන නිලධාරීන් ප්‍රකාශ කරයි.

සතියකට වැඩි කාලයක් රුසියානු හමුදාවන්ගේ දැඩි ෂෙල් ප්‍රහාරවලට ලක්ව ඇති යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් සිට සැතපුම් 23 ක් පමණ දුරින් පිහිටි උපායමාර්ගික ස්ථානයක චුහුයිව් පිහිටා තිබේ.

මෙි අතරතුර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව සිදුවන ඉහළම රාජතාන්ත්‍රික සාකච්ඡාව ලබන බ්‍රහස්පතින්දා දකුණු තුර්කියේ ඇන්ටාලියා හීදී පැවැත්වෙන බව තුර්කි රාජ්‍ය ඒජන්සිය නිවේදනය කරනවා.

මෙහිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්‍රොව් සහ යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා මුණගැසෙනු ඇති.

මේ සම්බන්ධයෙන් යුක්රේන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් කියා සිටියේ එවැනි හමුවක් පැවැත්වීමේ හැකියාව දැනට සලකා බලමින් සිටින බවයි.

ඔවුන් එවැනි හමුවක් පිළිබඳව තහවුරු කිරීමක් සිදු කළේ නැහැ.

මේ වන විට රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණයකර සති දෙකකට ආසන්න කාලයක් ගත් වන අතර මීට දින දෙකකට පෙර රුසියාව විසින් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ තුවාල ලැබූ සහ රටින් පිටවන යුක්‍රේන ජාතිකයින් හට ඒ සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන්.

කෙසේ වෙතත් යුක්රේන රජය එම සටන් විරාමය පිළිගනු ලැබුවේ නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles