Monday, September 23, 2024

දෙවැනි රුසියානු හමුදා ප්‍රධානියා මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමොව් යුක්රේන ප්‍රහාර වලින් මියයයි

ඊයේ (07) කාර්කිව් සටනේදී තවත් රුසියානු ජෙනරාල්වරයෙකු වූ විටාලි ජෙරසිමොව් මිය ගිය බව යුක්රේන ආරක්ෂක අංශ වාර්තා කළේය.

මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමොව් රුසියාවේ මධ්‍යම හමුදා දිස්ත්‍රික්කයේ 41 වන හමුදාවේ පළමු නියෝජ්‍ය අණදෙන නිලධාරියා විය.

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, විටාලි ජෙරසිමොව් දෙවන චෙච්නියා යුද්ධයේ සහ සිරියාවේ සිදු වූ රුසියානු හමුදා මෙහෙයුම්වල කාර්යභාරයක් ඉටු කළේය.

2014 දී ඔහුට “ක්‍රිමියාවේ සිට නැවත පැමිණීම වෙනුවෙන්” පදක්කමක් ද පිරිනමන ලදී.

මින් ඉහත අඟහරුවාදා (මාර්තු 1) යුක්රේන හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වූ 46 හැවිරිදි මේජර් ජෙනරාල් Andrei Sukhvetsky ද මියගොස් තිබුණි

බ්‍රිතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කරන පරිදි, ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් රුසියානු 7 වන ගුවන් හමුදා අංශයේ අණදෙන ජෙනරාල් ඇන්ඩ්‍රේ සුකොවෙට්ස්කි සහ 41 වන ඒකාබද්ධ අවි හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු මරා දැමීම සිදු විය.

යුද්ධය 12 වැනි දිනට එළැඹෙද්දී බෙලරුස්-පෝලන්ත දේශසීමාවේ දී දෙපාර්ශ්වය තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා රැස් වූහ.රුසියාව සඳුදා තවත් සීමිත සටන් විරාමයක් සහ ආරක්ෂිත කොරිඩෝවක් පිහිටුවීම නිවේදනය කළේය. සිවිල් වැසියන් යුද්ධයෙන් විනාශ වූ යුක්රේන නගර වන Kyiv, Mariupol, Kharkiv සහ Sumy වලින් සඳුදා පලා ගියහ. කෙසේ වෙතත්, ව්ලැඩිමීර් පුටින්ගේ හමුදා රොකට් වලින් නගර සුන්බුන් බවට පත් කිරීම දිගටම කරගෙන යයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles