විදෙස්ගත ලාංකිකයින්ගේ ඩොලරයකට ගෙවන දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළට

0
309

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු ඩොලර් විනිමය සඳහා දැනට ගෙවන රුපියල් 10ක දිරි දීමනාව, රුපියල් 38ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදෙස්ගත ලාංකිකයින්ගේ ඩොලරයකට ගෙවන දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළට

අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් වාර්ෂිකව මෙරටට ප්‍රේෂණය කරනු ලබන විනිමය ඩොලර් බිලියන 8කට ආසන්නයි.

එලෙස ඔවුන් එළඹෙන අවුරුදු සමයේ මෙරටට සිදුකරන ප්‍රේෂණ දිරි ගැන්වීම, ඒ සදහා වන දීමනාව ඉහළ නැංවීමේ අරමුණක් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here