”මත්පැන් ගැන පලවන වාර්තා සාවද්‍යයි” – සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවෙිදනයක් !

0
325

2022 මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සංසරණය වන පුවත සාවද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23 ක් දිවයින තුළ ක්‍රියාත්මක වන අතර, ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම සාවද්‍ය වාර්තා නිසා නීතිවිරෝධී ලෙස මත්පැන් රැස්කිරීමටත්, මත්පැන් නිෂ්පාදකයින් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ගයන් අනුගමනය කිරීමටත් අවකාශ ලැබෙන හෙයින් එම වාර්තා හා ප්‍රවෘත්ති නිවැරදි කිරීමට ක්‍රියා කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here