ගම්මන්පිලගේ පිල ආණ්ඩුවද? විපක්ෂයද?

0
315

උදය ගම්මන්පිල මහතා නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂයද?  එසේත් නැත්නම් විපක්ෂයද? යන්න අද වනවිට නිශ්චිතවම හඳුනාගත හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊට හේතු වී ඇත්තේ අද(10) සවස පැවැත්වීමට නියමිත බලශක්ති අර්බුදය පිළිබද වූ විවාදයේදී හිටපු බලශක්ති අමාත්‍යවරයා වශයෙන් උදය ගම්මන්පිල මහතාද තමන්ට කතාවක් කිරීම සඳහා වෙලාව ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා තිබීමය.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරා ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබීමත්, විශේෂයෙන්ම පසුගිය දිනෙක දෙරණ 360 වැඩසටහනට පැමිණ ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමත් හේතු කොට ගෙන බොහෝදුරට ආණ්ඩු පක්ෂයෙන් ගම්මන්පිල මහතාට වෙලාව ලබා නොදෙනු ඇති බව ද වාර්තා වේ.

එසේ වුවහොත් තමන් විපක්ෂයේ වෙලාව ගෙන හෝ සිය කතාව සිදු කරන බවට දැනටමත් ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ට පණිවුඩ යවා ඇති බව දැනගන්නට තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here