තමන් කවදාවත් පහත් මට්ටමේ දේශපාලනයක් කරන්නේ නෑ

0
304

හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී අමාත්‍යාංශ නිලධාරීන් හමුවී සමුදීමට ඊයේ (09දා) එහි පැමිණි අවස්ථාවේදී එය ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් හට යම් අපහසුතාවක් සිදුවී ඇති බව වාර්තා වී ඇතැයි වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඊයේ (9) පැවති රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වු ජයන්ත සමරවීර මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට බාධා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වරාය අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් එවැනි පහත් මට්ටමේ දේශපාලනයක් නොකරන බවයි.

එම සිදුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතා සම්බන්ධයෙන්ද වරාය හා නාවික අමාත්‍යවරයාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කර ඇත.

දින 04 ක් ඇතුළත එම වාර්තාව සපයන ලෙස අමාත්‍යවරයා විසින් දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here