මෙරට ඉන්ධන අර්බුදය පිළිබඳව මේ වනවිට ලොව විවිධ අංශවල අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු වාර්තාකරණයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති ක්‍රික් ඉන්ෆො ක්‍රීඩා මාධ්‍ය ජාලයද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇත.
ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ නිල ෆේස්බුක් ගිණුමේ ඔවුන් තැබූ සුවිශේෂී සටහනක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
එහිදී රජයේ ඉන්ධන පිරවුම්හල් වසා දමා ඒවායෙහි සේවකයින් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරුපයක් cricinfo වෙබ් අඩවිය සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.
එහි සඳහන් වන්නේ රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය සමඟ ඉන්ධන බෙදාහැරීම පමාවීමත් සමඟ ඔවුන් ඉන්ධනහල් වසාදමා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන බවය.
ඒ අනුව, මෙම ඡායාරූපය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
අදාළ ඡායාරූපය පහතින්,