Friday, May 17, 2024

දකුණු කොරියාවෙි නව ජනාධිපතිවරයා ලෙස යූන් සුක් යියොල් තේරී පත් වෙයි

දකුණු කොරියානු නව ජනාධිපතිවරයා ලෙස යූන් සුක් යියොල් පත්ව තිබෙනවා.

දකුණු කොරියානු ජනාධිපතිවරණය පසුගියදා පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කර තිබෙනවා.

ජනාධිපති සටන පැවැත්වූයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහෙයවූ ලී ජේ මියුංග් හා යූන් සුක් යියොල් අතරේයි.

ඊයේ නිකුත් කෙරුණු ජන්ද ප්‍රතිඵලවලට අනුව මහජන බලය පක්ෂයෙන් ඉදිරිපත් වූමොහුට සියයට 48.6ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර පාලක පක්ෂය වන ප්‍රජතන්ත්‍රවාදි පක්ෂයේ ලි ජා මියුංග් ලබාගත් ජන්ද ප්‍රතිශතය සියයට 47.8ක්.

එය තියුණු සටනක් වූ අතර දෙදෙනා අතර පරතරය පැවැතියේ 1% ක ප්‍රතිශතයක් ලෙසයි.

අවසානයේ යූන් සුක් යියොල් ජයග්‍රාහකයා බවට පත්වීමෙන් පසුව ලී ජේ මියුංග් පරාජය බාර ගත් බව ද දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කරනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිය පරාජය පිළිගනිමින් ඔහුගේ අඩුපාඩු වෙනුවෙන් ආධාරකරුවන්ගෙන් සමාව ගෙන තිබෙනවා.

පසුගිය බදාදා පැවැති දකුණු කොරියානු ජනාධිපතිවරණයේ දී සුදුසුකම්ලත් ඡන්දදායකයින්ගෙන් හතරෙන් තුනකට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර නිවාස මිල ඉහළ යෑම,තරුණ විරැකියාව,ආර්ථික අර්බුදය පිළිබඳ මෙවර ඡන්දය දායකයින්ගේ අවධානය යොමු වී ඇත.

ජීවන වියදම ඉහළ යෑම, ආර්ථික අර්බුද, විරැකියාව හා උතුරු කොරියාව සමග කටයුතු කිරීම ආදී අර්බුද රැසක් සමග නව ජනාධිපති යූන් සුක් යියොල් ට ගැටීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

නව ජනාධිපතිවරයාට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සුභ පැතුම් එක්කර තිබෙනවා.

දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් පණිවිඩ යවමින් ධවල මන්දිරය පවසා ඇත්තේ දෙරටේ සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles