Friday, November 15, 2024

පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් මෙම වසරේදී විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1,000 ක් එකතු කිරීමට පියවර

පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1,000ක් එකතු කිරීමේ මූලික පියවර මෙම වසරේ ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රටේ පවතින විදුලි අර්බුදය සහ බලශක්ති අර්බුදය පිළිබඳ අද (10) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

අපි කියන්න ඕනී කාරණා වශයෙන් ගත්තොත් ඇයි මේ රටේ මේ විදුලිය කැපීම සිදු කරන්න වුනේ කියලා. 2014 මම විදුලිබල අමාත්‍යවරයා ලෙස අපි මේ රටට භාර දුන්නේ ඉතාම ශක්තිමත් විදුලි ක්ෂේත්‍රයක්.

විශේෂයෙන්ම ඒ කාලයේ විදුලිය මිනිස්සුන්ට ලබා දීම මහා ශක්තියක් ලෙස මේ රටේ මිනිස්සු සැලකුවා. අපේ රජය පෙරලිලා අනෙක් රජයට මේක භාරදෙනකොට විශාල මුදලක් විදුලිය වෙනුවෙන් එවකට රජය කැප කරන්න සිදු වුනා. මේ රටේ ජනතාවගේ සියයට අනූ අටකට අපිට විදුලිය ලබා දෙන්න පුලුවන් වුණා.

අද සැබෑවටම මේ රටේ විදුලි අවශ්‍යතාවයක් තිබෙනවා අඩුම වශයෙන් තව මෙගාවොට් 300ක්වත් මේ විදුලිබල පද්ධතියට එකතු විය යුතුයි. වහිනකොට අපි යම්කිසි ප්‍රමාණයකට පිරිමහ ගන්නවා.

නමුත් පසුගිය කාලයේ නොරොච්චෝලේ බලාගාරයේ එක යන්ත්‍රයක් නැවතුනා. ඉතින් රජයට සිදු වුනා ඒ විදුලිය ටික පිරිමහ ගන්න ජලාශ වල තිබෙන විදුලිය ගන්න. අද වන විට කාසල්රි, මාවුස්සාකැලේ , සමනලවැව ඉතාම අඩු මට්ටමක ජලය තිබෙන්නේ.

ඒ වගේම තෙල් යම් කාලයක් අපිට ලබා ගන්න බැරිවුණු නිසා පසුගිය කාලයේ විදුලිය ජනතාවට ලබා දීම යම් මට්ටමකට ජලාශ වල තිබෙන විදුලි පාවිච්චි කරන්න වුනා.

මම මේ සභාවට ඉතාම වගකීමකින් කියනවා පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරලා, විශේෂයෙන් සූර්ය තාපය, සුලං බලාගාර පාවිච්චි කරලා අඩුම ගානේ තව මෙගාවොට් 1000ක් වත් මේ පද්ධතියට එකතු කරන්න අවශ්‍ය මූලික පියවර අපි මේ අවුරුද්දේ ගන්නවා. ඒ නිසා අපි කටයුතු කරන්නේ වගකීමක් තිබෙන රජයක් විදියට. යනුවෙන් සඳහන් කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles