පාකිස්තානය චීනයෙන් ඩොලර් බිලියන 21 ක ණය සහන ඉල්ලයි

0
287

මේ වන වි‍ට දකුණු ආසියාවේ බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රටක් වන පකිස්තානය චීනයෙන් ඩොලර් බිලියන 21 ක ණය සහන ඉල්ලා ඇති බව වාර්තාවනවා.

පකිස්තාන මුදල් අමාත්‍යංශ වාර්තා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දැනට චීනයෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 10.8 ක් පමණ වන ණය සහන කාල සීමා සහිතව ප්‍රතිව්‍යහුගත කිරීම මෙම ඉල්ලීම් අතර ප්‍රධාන වන බවයි.

මෙම ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළ නිල ලිඛිත ඉල්ලීමක් පසුගිය ජනවාරි මාසයේ දී අගමැති ඉම්රාන් ඛාන් විසින් චීනය වෙත යොමු කර ඇති බව ද අදාළ වාර්තාවල දැක්වෙනවා.

ඊට අමතරව, රටේ මූල්‍ය ස්ථායිතාවය පවත්වාගෙන යාම සහ සංචිත පවත්වාගෙන යාම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 10 ක ණයක් ලබාදෙන ලෙසද පකිස්තානය චීනයෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන්.

මේ අතර පකිස්තානය, අන්තර් ජාතික මූල්‍ය අරමුදල වෙතින් 2019 වර්ෂයේ දී ලබාගෙන ඇති ඩොලර් බිලියන 06 ක් පමණ වන ණය මුදලට අදාළ කොන්දේසි ලිහිල් කරන ලෙසට ද ඉල්ලීමක් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here