Friday, May 3, 2024

යුක්රේන අර්බුදය ජය ගැනීමට ඉන්දුනීසියාව ආසියාවෙි පෙරමුණ ගත යුතු බවට රනිල් කළ යෝජනාවට ඉන්දුනීසියාවේ ප්‍රතිචාර දක්වයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින භූ දේශපාලන ගැටුමට ප්‍රතිචාරයක් වශයෙන් ආසියානු සමුළුවට ඉන්දුනීසියාව නායකත්වය ලබා දියයුතු බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කල යෝජනාවට ඉන්දුනීසියානු මාධ්‍ය අවධානය යොමුකර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුක්රේන රුසියා යුද්ධය පිලිඹද අවධානය යොමුකරමින් සඳහන් කර සිටියේ මෙම අර්බුදයෙන් පසු ගෝලීය බල තුලනය ආසියාවට මාරුවනු ඇති බවයි . එහිදී බැන්ඩුන් සමුළුවේ පළමු කැඳවුම්කරු සහ G – 20 වත්මන් සභාපති දුරය දරන ඉන්දුනීසියාව ආසියානු සමුළුවක් සංවිධානය කිරීමට පෙරමුණ ගතයුතු බවයි ඔහු පැහැදිලි කර සිටියේ.

ඉන්දුනීසියාවේ ප්‍රමුඛතම සඟරාවක් වන TEMPO සඟරාව විසින් විශේෂ ලිපියක් පළකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාව පිලිබද අවධානය යොමුකර තිබෙනවා . චීනය ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ වෙනත් ආසියානු රටවල් එක්ව ඉදිරි වසර 10 ඉලක්ක කර ගනිමින් ආසියාවට ඉදිරිපත් කලයුතු සුවිශේෂ සැලැස්මක් රනිල් වික්‍රමසිංහ මහතා සිය සාකච්ඡාව මගින් යෝජනා කර ඇති බව TEMPO සගරාව වාර්තා කර තිබෙනවා.

ආසියාව ගෝලීය බලවතා වුවොත් අප්‍රිකානු කලාපයද ඊට ඇඳා ගැනීමේ හැකියාවක් ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වෙනවා. පසුගියදා YouTube නාලිකාවක් ඔස්සේ සිදුකල සාකච්ඡාවකදියි හිටපු අගමැතිවරයා මෙම අදහස් පල කර සිටියේ. එම අදහස් මේ වන විට ලෝකයේ අවධානයට යොමුවී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සංවිධාන කිහිපයකම මේ වන විටත් ක්‍රියාකාරී මුල් පෙළ සාමාජිකයකු වනවා. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ ඇතැම් සංවිධාන වල මුලසුනද හොබවන්නේ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතායි.

ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ හිටපු රොබට් ඊ.විල්හෙල්ම් සාමාජිකයෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles