විදුලිය,තෙල්,ගෑස් නැති නිසා මෙරටට ආ සංචාරකයෝ සංචාරය නවතා ආපසු තම රටවලට යයි

0
298

මෙරටට පැමිණ සිටින සංචාරකයන් විදුලි අර්බුදය ඩීසල් හිගය හේතුවෙන් තම සංචාර අතරමග නවතා දමා ආපසු තම රටවල් වෙත යමින් සිටින බව සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරක හෝටල් හිමියන් කියා සිටිති.

විදුලිය ඇණ හිටි අවස්ථාවල විදුලි උත්පාදනය සඳහා හෝටල් වල ඇත්තේ ඩීසල් වලින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදන යන්ත්‍ර බවත් ඒවාට ඩීසල් නොමැති වීමෙන් සංචාරකයන් මහත් අපහසුතාවයට පත්ව චෝදනා එල්ල කරන බවද හෝටල් හිමියෝ පවසති.

යාල ඇතුළු වනෝද්‍යානවල සංචාරය සඳහා විදෙස් රටවලින් පැමිණි පිරිස් වලට එම ගමන් යාම සඳහා ඉන්ධන සපයා ගැනීම අපහසු තාවය හේතුවෙන් ඒවා ද මන්දගාමී වී ඇත.

ඊට අමතරව හෝටල්වල ආහාර සැකසීම සඳහා ගෑස් හිගතාවය හේතුවෙන්ද අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

මේ හේතු මත සංචාරකයන් කලකිරීමට පත්ව ලංකාවෙන් පිටව යාමට පටන් ගෙන ඇති බවත් මෙය සංචාරක කර්මාන්තයට ඉතා බරපතළ හානියක් බවත් ඔවුන් කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here