බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ඉල්ලයි . අවම ගාස්තුව රුපියල් 35

0
281

ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ දැමීමත් සමග බස් ගාස්තු 50-60% කින් ඉහළ දැමීමට සිදුවන බව බස් සංගම් කියා සිටිති.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද‍්‍රජිත් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉක්මනින් වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි.

ලංගම ඩිපෝ හරහා හෝ ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

එසේ සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් බස් ගාස්තු සියයට හැටකින් පමණ ඉහල දැමිය යුතු බවත් එවිට අවම බස් ගාස්තුව රුපියල් 35 ක් පමණ වනු ඇති බවද හෙතෙම පැවසීය.

සමහර නගරවල තියෙන්නේ IOC පිරවුම්හල් පමණයි. සමහර නගරවල සිපෙට්කෝ පිරවුම්හල් තිබුණත් තෙල් නොමැතිකම නිසා අපිට සිද්ධ වෙනවා IOC පිරවුම්හලෙන් ඩිසල් ලබාගැනීමට. ඊයේ දිනයෙදීත් අපි එක කළා අද දිනයෙදීත් ඒක කරන්න වෙනවා. එතකොට මෙරතරම් ප්‍රමාණයකින් රුපියල් 93කින් ලීටරයක මිල ඉහළයාම පාදක කරගෙන බස්ගාස්තු සංශෝදනය 60%කින් වගේ ඉහළ යන්න ඉඩකඩ තියෙනවා. රුපියල් 30ක අගයකින් බස් ගාස්තු වැඩි වෙනවා. අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් අතර අගයකින් වැඩිකරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි රජයට කියනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි අද හෝ හෙට පෞද්ගලික බස් කර්මාන්තකරුවන්ට ඩීසල් සහනාධාරය ලබා දීම සිදු කළ යුතුයි.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ලංගම හරහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළහොත් මිල සංශෝධනයක් සිදු කිරීමට අනවශ්‍ය බවය.

“ලංගම හරහා අපිට ඩීසල් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම රජයේ යටතේ තිබෙන සමූපාකාර පිරවුම්හල් තිබෙනවා ඒ හරහා අපිට පැරණි මිලට ඉන්ධන ලබාදෙන්න වැඩපිලිවෙලක් හදලා දෙනවා නම් ඉදිරියේදී සංශෝධන අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් අනපේක්ෂිත විදියට ඩීසල් වැඩිකිරීමක් සිදු වුණොත් එහෙම අනිවාර්යයෙන්ම සංශෝධනයකට යන්න වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here