විදුලි බිල වැඩි කරන්න අවසර දෙන්න – ලංවිම මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලයි

0
524

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බව මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළා.

එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම කොමිසන් සභාව සඳහන් කළා. මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here