Tuesday, April 30, 2024

රුසියාවට එරෙහිව යුද වදින්න යන්නෙ නෑ. එහෙම වුණොත් 03 වන ලෝක යුද්ධයක් ඇති වේවි – බයිඩ්න් අනතුරු අඟවයි

යුක්‍රේනයට එරෙහිව රුසියාව සිදුකරන පහරදීම් සඳහා ඇමරිකාව මැදිහත් නොවන බව ජනාධිපති ජෝ බයිඩ්න් නැවත ප්‍රකාශයක් කරමින් අවධාරණය කර තිබෙනවා.

මේ වනවිට පවතින යුදමය වාතාවරණය හමුවේ කිසිඳු හේතුවක් මත සිය හමුදාව යුක්රේනයට නොයවන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ශක්තිමත් නේටෝ සංවිධානය සමග සෑම විටම එක්ව සිටින ඇමරිකාව නේටෝ හමුදාව විසින් ආරක්ෂා කරන භූමි ප්‍රමාණයේ සෑම බිම් අගලක්ම ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

එහෙත් යුක්රේනය පදනම් කරගනිමින් කිසිවිටක රුසියාවට එරෙහිව යුද නොවදින බවයි ජනාධිපති බයිඩ්න් අවධාරණය කර ඇත.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධයට තම රට මැදිහත්වීම මත නේටෝ සංවිධානය සහ රුසියාවට අතර සෘජු ගැටුමක් වර්ධනය වුවහොත් එය 03 වන ලෝක යුද්ධයක ආරම්භය විය හැකි බව ද ඇමරිකානු ජනාධිපතිවයා සිය ට්විටර් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. ඒ අනුව ඇමරිකානු හමුදාවන් යුක්‍රේනයට යැවීම සම්බන්ධයෙන් වූ යෝජනා, සාකච්ඡා මේසයෙන් ද බැහැර වූ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ එම යුද්ධයට ඍජුව යුදමය මැදිහත්වීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

මේ අතර යුක්රේනය විසින් තමන්ට එරෙහිව ඇමරිකාවේ නිෂ්පාදිත ජෛව රසායනික අවි භාවිත කරන බවට රුසියාව ජගත් ආරක්ෂක කවුන්සිලයේදී චෝදනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

මේ අතර රුසියාවෙන් මුහුදු ආහාර – වොඩ්කා මත්පැන් සහ දියමන්ති ආනයනය අත්හිටුවමින් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නව නියමයක් පනවා තිබෙනවා.

ආර්ථික සම්බාධක තවත් දැඩි කරමින් මෙම රෙගුලාසි පනවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles