ඩග්ලස් දේවානන්දත් ලක්ෂ 97 ක විදුලි බිලට පොල්ල තියලා

0
304

ඊ.පී.ඩී.පී. නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා රුපියල් අනූහත් ලක්ෂයක් වූ සිය විදුලි බිල නොගෙවා ඇති බවත්, එසේ තිබියදීත් මෙතෙක් ඔහුගේ විදුලිය විසන්ධි කර නැති බවත්, ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් අනාවරණය කර තිබෙනවා.

මේ අනුව ඔහු පවසා සිටියේ විදුලිය සඳහා අමාත්‍යවරයා විසින් ගෙවිය යුතු මුදල වන්නේ (97,36,677) අනූහත් ලක්ෂ තිස් හයදාස් හයසිය හැත්තෑ හතකි. ඊ.පී.ඩී.පී. කාර්යාලය, ස්ටැන්ලි පාර, යාපනය යන ලිපිනයට අදාළ විදුලි බිල්පත මෙසේ නොගෙවා ඇති බවයි.

මීට පෙර අමාත්‍යවරයෙක්ද එක් කෝටි විසි පන් ලක්ෂයක නොගෙවූ විදුලි බිල ද තමා විසින් හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂා කෙරුණු අතර ඉදිරියේදී තවත් ඇමැතිවරුන්, මන්ත්‍රිවරුන් නොගෙවූ විදුලි බිල් පිළිබඳව හෙළිදරව් කිරීමට තමා සූදානම් බවත් ඒ මහතා කියා සිටී.

විශේෂයෙන් විදුලි බිල් පිළිබඳව පරීක්ෂා කරන හා ඒ තොරතුරු හෙළිකරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට විවිධ බලපෑම් සිදු වී ඇති බවත් මෙම වැටලීම් සියල්ල සොයා බැලීම් කළ යුතුව තිබෙන්නේ වෘත්තිය සමිතිවලට බවත් ඒ මහතා අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here