Monday, May 6, 2024

ඩොලර් ලක්ෂ හතළිහක් හෙවත් ලංකාවෙි මුදලින් කෝටි 81 ක් නැව් ප‍්‍රමාද ගාස්තු ගෙවලා

කොළඹ වරායට ගෙන්වූ ඉන්ධන නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම නිසා ඉකුත් මාස දෙකහමාරක කාලයේදී එම නෞකා සමාගම් වෙත ප‍්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතළිහකට (රුපියල් කෝටි 81 ක් පමණ) ආසන්න මුදලක් ගෙවා දැමීමට සිදුවූ බව තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් හෙළි කළේය.

ඩොලර් හිඟය නිසා මෙම නෞකා නිදහස් කර ගැනීමට දින දෙකේ සිට දින දහයක් අතර කාලයක් ගතවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම ප‍්‍රමාද ගාස්තු අතර ඉන්ධන නෞකාවලින් තෙල් ගොඩබෑමේදී එක් වරක් මුතුරාජවෙල තෙල් පර්යන්තයට ගෙන යෑමත් යළි එම නෞකාවම කොළඹ වරායේ ඩොල්ෆින් ජැටිය හරහා කොළොන්නාවට තෙල් ගොඩබෑමත් නිසා ඩොලර් පනස්දහසක් අමතර ගෙවීම් ද ඇතුළත්ව ඇත.

ඉකුත් මාස දෙකහමාරක කාලයේ දී මෙරට විදුලි බලාගාර හා ප‍්‍රවාහනය සඳහා ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන මිලදී ගැනීමට සිදුවූ අතර ඊට අමතරව දීර්ඝ කාලීනව ඇණවුම් කළ නෞකා ද මෙරටට පැමිණියේය.

ඩොලර් හිඟය නිසා ඇතිවූ මෙම අර්බුදය හමුවේ මෙරටට ගෙනඑන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු නෞකා හා ගෑස් නෞකා සඳහා ද ඩොලර්වලින්ම ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී තිබීමෙන් ඩොලර් හිඟය උග‍්‍රවීමට එය ද හේතු වී ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියා සඳහන් කළේය.


Divaina.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles